රන්මාල ‌හොරා රෝහලේ දී මියයයි


(සුමිත් පොතුපිටිය)

කාන්තාවක ගේ ගෙලබැදි රන්මාලයක් කොල්ලකා පලායමින් සිටී පුද්ගලයකු, පිරිසක් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරිමේන් අනතුරුව මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ පානදුර පිංවල ප්‍රදේශයේ පදිංචිව සිටී  39 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා පානදුර නගර මධ්‍යයේදී කාන්තාවකගේ ගෙලබැදි රන්මාලයක් කොල්ලකා පලා යද්දී, ඒ අවට සිටී පිරිසක්  ඔහුව අල්ලා ගෙන ඇති අතර ඔහු මෙල්ල කීරීමට දැඩි උත්සහායක් ගෙන ඇත.  ‌‌

අපහසුවෙන් සිටී සැකකරුව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර , එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.